(සමන් පාලිත නානායක්කාර)
හෙට (2) සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් අද(01) බදුල්ල දිස්ත්‍රික්කයේ අවහිර වී තිබෙන මාර්ග සියල්ල පිළිසකර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් ඇතිව මාර්ග සංවර්ධන අධිකාරිය, යුද හමුදාව, පොලිසිය සහ පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් මෙම කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු කීය.
බදුල්ල - පස්සර මාර්ගය, හල්දුම්මුල්ල - කිරවනාගම මාර්ගය, බණ්ඩාරවල උඩපාර මාර්ගය යන මාර්ගවල ගමනාගමනයට ධාරානිපාත වර්ෂාවෙන්, පස් කඳු කඩාවැටීමෙන් බාධා එල්ල වී තිබිණි.
නායයාමේ අවදානම් කලාපවල සිට විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන විභාග අපේක්ෂකයින්ට කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානය කරා පැමිණෙන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘සා.පෙළට පෙර බදුල්ලේ මාර්ග පිළිසකර කරනවා’