( රංජන් කස්තුරි)
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි හොදම අපේක්ෂකයා අපට ඉන්නවා.මම කැට තියලා කියන්නේ මේ පාරත් අපි දිනනවා ‘ යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වී ඉතා ඉක්මනින්ම ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බවද මහ ලේකම්වරයා පැවසීය.
COMMENTS
ප්‍රාදේශීය සභා චන්දෙට ඉස්සෙල්ලා මෙයාලා කිව්වේ දැන් ශ්‍රිලනිපය දෙකට බෙදිලා නිසා එයාලා දිනනවා කියලා. හැබයි රාජ්‍ය බලය තියන් ප්‍රාදේශීය සභා අන්ත පරාදයි !
එතකොට අර දැනටම අපේක්ෂකයා වගේ කතා කරන එක්කෙනාට මොකද වෙන්නේ ?
හැමදාම දිනුවේ නම් දේශපාලකයෝ මිසක් රට වැසියෝ නෙමේ. කිසිම පක්ශයක් නෑ රට දිනවන ජනතාව දිනවන අභිලාශයෙන් ඔක්කොම ඉන්නේ අපි දිනනවා කියන්න තමයි, හැමදාම වගේ ඉතින් මේ පාරත් වෙන්නෙ මහ ජනතාව පරදින එක තමා,
ඔබට වැරදිලා මේ පාර එජාපයවත් පොහොටුවටවත් ඡන්දේ දෙන්න කව්රුත් නෑ. දෙනවනම් දෙන්නේ වහල්ලු විතරයි. මේ පාර අපිට සැබෑ වෙනසක් ඕනේ.
ජව්පේ රැලිය තියෙනකල් හිතුවේ හොඳ අපේක්ෂකයෙක් දායි කියලා....ඒත් දැම්මේ අනුර
රටේ මිනිස්සු මේ තරම් මෝඩයො කියලා හිතන්න එපා.... ආපහු කාටවත් බෝම්බ පිපිරෙන යුගයක් අවශ්‍ය නැහැ .
තාම අපෙෂ්කයවත් දාගන්න බැරිව ඉන්නවා. ඒ උනාට කතාවනම් තියෙනවා .
මේ පාර දිනනවා... එතකොට මේගොල්ලෝ ගියපාරත් දින්නද ?
පක්ෂයේ සන්ධානය හදාගන්න බැරුව රට අල්ලන්න බැහැ . ගෝඨාභය උඩින් දිනනවා .
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි හොදම අපේක්ෂකයා විය යුත්තේ අලුත් මුහුණකි. ලංකාවේ තිබෙන වර්තමාන දේශපලනක්‍රමය වෙනස් කිරීමටනම් අලුත් මුහුණක් ඉදිරිපත් කලයුතුමය. නොඑසේනම් ඉදිරියටත් රජයෙන් යැපෙන අනාගතයක් නොදකින, ලෝකය සමග ඉදිරි ගමනක් නොමැති රටක්ම වනු ඇත. ඉදිරි ජනාධිපතිවරණය සදහා අලුත් මුහුණක් පැමිණිය හොත් දේශපාලනය පිලිබදව කලකිරී සිටින සියලු බලවේග යලිත් අවදිවනු ඇත. මේ පැමිණ තිබෙන්නේ ලංකාවේ දේශපාලන දිශානතිය සහ ක්‍රමය වෙනස් කිරීමේ පළමු මැතිවරණය බව අමතක නොකරන්න. අපේක්ෂකයා ඉදිරිපත්කරන පක්ෂය කුමක් උවත් අලුත් මුහුණක් නම් පක්ෂය අමතක කොට ක්‍රමයේ වෙනස් වීමක් ගැන උනන්දුවක් ජනතව අතර ඇතිකළ යුතුය. ජයග්‍රහණය කරන අලුත් ජනාධිපතිවරයා සේවය කරනුයේ ඔහුව ඉදිරිපත් කරන පක්ෂයට නොව රටේ සියලු ජනතාවට බව දැනුවත් කල යුතුය. මේ සියල්ලක්ම සිදුකල හැකිවනුයේ අලුත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් පමණි. ලංකාවේ අධ්‍යාපනයේ විශාල වෙනස්කම් කොතරම් සුබවාදී ආකාරයට වෙනස් උවත් මඩ වූ, කුණු වූ දේශපාලන ක්‍රමය දැන්වත් වෙනස් නොකරන්නේනම් ලංකාවට දෙයියන්ගේම පිහිටයි. අවස්ථාවාදී දේශපාලනයෙන් තොරව රටට අලුත් මුහුණක් අලුත් වෙනසක් ඇතිවිය යුතුය.
බැංකු හොරුන්ට කවුද චන්දෙ දෙන්නේ ?
දවල්ද..? හීනෙන්ද..?
සිරිකොතේ නම වෙනස් කරන්නකෝ සිහින පුරය කියලා...