(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ සතුන්ට ආහාර ලබාදීමේ චෝදනාවට වරද පිළිගත් අයෙකුහට රජයේ ගාස්තුව වශයෙන් රුපියල් 1500 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (25) නියෝග කළේය.
මෙසේ දඩ ගෙවීමට නියම වුයේ වැලිමඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකුහටය.
තමා වැලිමඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ජනසන්නිවේදන විෂය උගන්වන ගුරුවරයෙකු බව නීතිඥවරයෙකු මාර්ගයෙන් සැකකරු අධිකරණයට කරුණු දක්වන ලදි.
වන සතුන්ට ආහාර ද්‍රව්‍ය ලබා නොදෙන ලෙස සඳහන් දැන්වීම් පුවරු ප්‍රදර්ශණය කොට තිබියදී හා වනෝද්‍යානය තුලට ඇතුලත්වීමේදි නිලධාරීන් උපදෙස් දී තිබියදී මෙම සැකකරු එවැනි දැන්වීම් පුවරුවක් ආසන්යේම සිටම වන සතුන්ට ආහාර ද්‍රව්‍ය ලබා දී ඇතැයි අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවැසීය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හෝර්ටන්තැන්නේ සතුන්ට ආහාර දුන් අයෙකුට දඩ