IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිඟුරාණ සීනි කම්හලේ සේවකයින්ගෙන් මැසිවිල්ලක්

(නවරත්න සමරතුංග)
 
වසර 26කට පෙර හිඟුරාණ සීනි කර්මාන්තය පෞද්ගලීකරණය කිරීමේදී එවකට සිටි ස්ථිර සේවකයින්ට සේවා කාලය අනුව 10% කොටස් මුදල් ලබාදෙන බවට හිමිකම්පත් ලබාදී ඇති නමුත් එම මුදල් මේ දක්වා ලබාදී නැති බව හිමිකම්ලාභී සේවකයෝ පවසති.

සේවකයින් 1373 දෙනෙකු සඳහා මෙම හිමිකම්පත් ලබාදී ඇති අතර ඒ සම්බන්ධව බැංකු සභාපතිවරුන් සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු තවත් අමාත්‍යාංශ කීපයක් එකතුවී ගන්නා ලද තීරණ නොසලකා හරිමින් එම කොටස් අයිතිය අහිමි කිරීමට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති බව ශ්‍රීලංකා සීනි කර්මාන්ත සේවක සංගමයේ එවකට සිටි සාමාජිකයෝ පවසති.

තත්වය මෙසේහෙයින් මෙම සේවකයින්ගේ කොටස් අයිතිය උදුරාගෙන ඇති බවත් මෙම ගැටළුව විසඳාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරන ලෙසද සේවකයෝ ඉල්ලා සිටිති. 

1993 වසරේ ජනවාරි 22 දින සිට  හිඟුරාණ සීනි කර්මාන්තය ආරුමුගම් සමාගමට පවරාදී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන්, මහජන බැංකුවේ සභාපතිවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සහ අධ්‍යක්ෂ රාජ්‍ය ව්‍යාපාර වාණිජ කරන අංශය සහ මහාභාණ්ඩාගාරයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් හිඟුරාණ සීනි කර්මාන්තයේ එවකට සේවය කළ මෙම ස්ථිර සේවයන් සියලුදෙනාට 10% කොටස් මුදල් වෙන්කර ඇත.

සේවකයාට ලබාදී ඇති කොටස් හිමි සහතික පත්‍රය පමණක් සේවකයෝ ළඟ තබාගෙන සිටිති. එමෙන්ම  එම සේවකයින්ගෙන් බොහෝ දෙනෙකු ජීවතුන් අතර නැති අතර තවත් පිරිසක් රෝගීව පසුවෙති.

වසර විසිහයක් තිස්සේ මේ පිළිබදව හිටපු ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියට, වගකියයුත්තන්ට ඉල්ලීම් කළත් මෙතෙක් කල් විසඳුමක් ලැබී නැතිබවද, නව රජය යටතේ හෝ මෙම කොටස් මුදල් ලබාදෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.



අදහස් (0)

හිඟුරාණ සීනි කම්හලේ සේවකයින්ගෙන් මැසිවිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site