(ක.ග.කරුණාරත්න)
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද(14) පැවති මාසික රැස්වීමේදී 2020 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 21කින් සභාසම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්හ.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්.උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රැස්වීම ආරම්භ විය. ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය.
ප්‍රාද්ශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 8දෙනා අයවැය කෙටුම්පත සඳහා ජන්දය විමසීමට පෙර රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ. අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 10 දෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13දෙනා එක්ව අයවැයට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කළහ.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය 33 කින් සමන්විතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර 13 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙයේ මන්ත්‍රී ධූර 10 ක්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ධූර 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධූර 2ක් වශයෙනි.
2025 දෙසැම්බර් මස 04
88
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
358
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
372
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිඟුරක්ගොඩ ප්‍රා. සභාවේ අයවැය සම්මතයි