IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හැටන් විදුහලක තවත් සිසුන් 4 ක් ගුරුවරියක් ආසාදිතයින් ලෙස හඳුනාගනිති

 

(එච්.එම්. හේවා)

හැටන් විදුහලක අධ්‍යාපනය හදාරණ තවත් සිසුන් හතර දෙනකු හා ගුරුවරියක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා කීවේය.

පසු ගිය දිනක මෙම විදුහලේ 10 සී ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමෙන් පසු එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත් සිසුන් 42 හා ගුරුවරියන් හතර  දෙනකු ස්වයං නිරෝධානයන්ට ලක් කර එම අය පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගත් බවද මැදවෙල මහතා සඳහන් කළේය.

එසේ ගන්නා ලද පි. සි. ආර්. වාර්තා  20වන දින වන ලැබිමෙන් පසු එම වාර්තා මත මෙම සිසදුන් හතර දෙනා හා ගුරු මහත්මියක්ද කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගන්නා බවත් ආර්. ආර්. එස්. මැදවෙල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (0)

හැටන් විදුහලක තවත් සිසුන් 4 ක් ගුරුවරියක් ආසාදිතයින් ලෙස හඳුනාගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site