(රංජිත් රාජපක්ෂ)
ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් ලංගම සේවකයන් අරම්භ කර ඇති වැඩ වර්ජනයට හැටන් ඩිපෝවේ සියලුම සේවකයන් අද (13) සිට සහයෝගය දක්වන බව නිදහස් සේවක සංගමයේ හැටන් ලංගම ඩිපෝවේ සභාපති සහ ඩිපෝ පරික්ෂක රෝහණ ද සිල්වා මහතා පැවසීය.
අද උදසැන පාසල් ළමුන් ප්‍රවහනය කිරීමෙන් අනතුරුව ධාවනය වු සියලු බස් රථ ඩිපෝවට රැගෙනවිත් ගාල් කළ බවත්, ඊයේ (12) දින ධාවනයට එක් කළ දුර ගමන් සේවා බස් රථද අද දින හැටන් බස් නැවතුම්පොළ වෙත පැමිණි පසු එම බස් රථ ඩිපෝවේ ගාල් කළ බවත් සභාපතිවරයා පැවසුවේය.
නමුත් ලංගම බස් රථ වැඩ වර්ජනය සිදු කළ ද මගින්ට අපහසුතාවයක් නොවන පරිදි පෞද්ගලික බස් රථ ධාවනයට එක් කර ඇති බව හැටන් පෞද්ගලික බස්රථ නැවතුම්පොලේ වේලාසටහන්කරු පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.