IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හාරිස්පත්තුව ප්‍රා.ස උණුසුම් වෙයි

( මොහොමඩ්  ආසික්)

හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැට කෙටුම්පත අද (20) පැවැති එහි මාසික මහ සභාවේදී සභාපති ආනන්ද ජයවිලාල් මහතා විසින් සභා ගත කිරීමේදී සභාවේ දැඩි උණුසුම්කාරි  තත්වයක් හට ගත්තේය.
 
මෙහිදී  මුලින්ම අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අසංක කරුණාරත්න මහතා සඳහන් කළේ මෙම අයවැය කෙටුම්පත අද දින සභාවට ඉදිරිපත් කරන බව තමන්  දැන නොසිටි බවත් මෙම කෙටුම්පත සකස් කිරීමේදි මන්ත්‍රිවරුන් දැනුවත් කර නොමැති බවත්ය.
 
 කෙසේ නමුත් සභාපති ආනන්ද ජයවිලාල් මහතා මෙහිදී සඳහන් කළේ මෙම  අයවැය කෙටුම්පත සකස් කිරිම සඳහා සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයද නියෝජනය වන අයුරින්  මන්ත්‍රීවරුන් පත් කළ බවත්  එම මන්ත්‍රීවරුන් මෙම කෙටුම්පත සකස් කිරීම සඳහා සහභාගී වූ බවත්ය.

කෙසේ නමුත් මෙම කෙටුම්පත අද දිනයේ සභාවට ඉදිරිපත් කරන්නේ සම්මත කර ගැනීමට නොව මන්ත්‍රිවරුන්ට අධ්‍යයනය කිරීම සඳහා බවත් යම් සංශෝධනයන් තිබේ නම් ඉදිරිපත් කළ හැක බවත් ඉදිරි දිනකදී  විශේෂ මහ සභාවත් පවත්වා අයවැය සම්මත කර ගැනීමට පියවර ගන්නා බවත් සභාපති ආනන්ද ජයවිලාල් මහතා තව දුරටත් මෙහිදී කීය.
 
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිලක් රණසිංහ මහතා මෙහිදී සභාපතිවරයා සමඟ දැඩි වාග්  හුවමාරුවකට එක් වෙමින් සඳහන් කළේ මෙම අයවැය කෙටුම්පත සකස් කර සභාවට ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය සුදුසු නොවන බවයි.
 
 සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද මෙම වචන හුමවාරුවට එක් වූ අතර  පැය භාගයක් පමණ සභාව තුල එකම ඝෝෂාකාරි ස්වරූපයක් දක්නට ලැබිණ. කෙසේ නමුත් මෙම කෙටුම්පත සභාවේ විවාදයට වෙනත් දිනයක ඉදිරිපත් කරන බවට සභාපතිවරයා දැනුම් දිමත් සමඟ මෙම උණුසුම් තත්වය පාලනය  විය.



අදහස් (0)

හාරිස්පත්තුව ප්‍රා.ස උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site