
(මොහොමඩ් ආසික්)
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත අද( 26 )වනදා වැඩි ඡන්ද හතකින් පරාජයට පත්විය.
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා විසින් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය අද 26 වනදා ඉදිරිපත් කරනු ලැබීය.
හාරිස්පත්තුව බරිගම පිහිටි ප්‍රාදේශිය සභා රැස්වීම් ශාලාවේදී පැවැති එහි මහ සභා රැස්වීමේදී මෙම අයවැය ඉදිරිපත් කරනු ලැබූ අතර අයවැය ඉදිරිපත් කරන අවස්ථාව්දීම එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් බෙදීමක් ඉල්ලා සිටි බැවින් සභාව තුල උණුසුම් තතවයක් හට ගත්තේය.
කෙසේ නමුත් දීර්ග වේලාවක් පැවැති වාද විවාදවලින් පසුව අයවැය කෙටුම්පත සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් විවෘත ඡන්ද විමසීම සිදු කරනු ලැබීය. ඒ අනුව අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 14 ක් සහ විපක්ෂව ඡන්ද 21 ක් ලැබී ඇති බව ලේකම්වරිය සභාව වෙත දැන්වූවාය. ඒ අනුව වැඩි ඡන්ද හතකින් අයවැය පාජයට පත්විය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් දස දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් තිදෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු, සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 21 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණ.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරිය ඡන්දය විමසන අවස්ථාවේ සභාව තුල නොසිටියාය.
අයවැයට පක්ෂව පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් දහ තුන් දෙනෙකු සහ ප්‍රජාතාන්ත්‍රවාදී එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයාද ඇතුළුව මන්ත්‍රිවරුන් දහ හතර දෙනෙකු ඡන්දය භාවිතා කර තිබිණ.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හාරිස්පත්තුව ප්‍රා.සබේ අයවැය පරාදයි