IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හාරිස්පත්තුවේ ඉරිදා - පෝය පෞද්ගලික පන්ති තහනම්

(මොහොමඩ් ආසික්)

හාරිස්පත්තුව  ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය  තුළ පෝය දින සහ ඉරිදා දින දහවල් දෙක දක්වා  පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට හාරිස්පත්තුව ප්‍රාදේශීය  සභාව අද (22) පැවැති  මහ සභා රැස්වීමේ දී  ඒකමතිකව තීරණය කරනු ලැබීය.

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති මැදගෙදර විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැති මාසික මහ සභා රැස්වීමට ජාතික හෙළ  උරුමය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී  ධනුෂ්ක මල්වැව මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

වර්තමානයේ රට තුළ සිදුවන සියලු අපරාධයන්ට දහම් පාසල් අධ්‍යාපනය නොලැබීම හේතුවක් වී ඇති බව අනාවරණය වී ඇති බවත් සා.පෙළ වැනි විභාග තරගකාරි විභාගවලට පෞද්ගලික පන්තිවලට යාම සිසුන්ට අනිවාර්ය වී ඇති බවත් එම පන්ති අදාළ දිනවල නවත්වා ඒ වෙනුවට විකල්ප දින සහ විකල්ප වේලාවන් හඳුන්වා දීමකින් තොරව සිසුන් පන්ති යෑම නැවැත්විය නොහැකි බව කීය.

කෙසේ නමුත් මෙම තහනම පෝය දවසේ වගේම ඉරිදා දින දහවල්  දෙක දක්වාත් පැනවිය යුතු බවත් උන්වහන්සේ කීහ.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා මෙසේ සදහන් කළේය.  

මෙය හොඳ යෝජනාවක් වුවත් අධ්‍යාපන තරගයක නිරතව සිටින සිසුන්ට ඒ සඳහා මාර්ගයක් හඳුන්වා දීමකින් තොරව පෞද්ගලික පන්ති නොයන ලෙස දැන්වීම ප්‍රතිඵල රහිත බවයි.

කෙසේ නමුත් මෙම  යෝජනාව ඒකමතිකව සම්මත වූ අතර බල ප්‍රදේශයේ  පවත්වාගෙන  යනු ලබන ලියපදිංචි සහ ලියාපදිංචි වී නොමැති සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙත මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීමටත් කටයුතු  කිරීමට සභාව මෙහිදී තීරණය කරනු ලැබීය.



අදහස් (0)

හාරිස්පත්තුවේ ඉරිදා - පෝය පෞද්ගලික පන්ති තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 776 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site