IMG-LOGO

හමුදා සෙබළාගේ නිවසේ ගුවන් යානා නාශක උණ්ඩ

(ඩබ්.ඒ පියතිලක)

ටී 56 ගිනි අවි දෙකක කොටස් , ගුවන් යානා නාශක ජිව උණ්ඩ , කඩු 3ක්  සහ හිස් පතුරම් කොපු ඇතුළු ආයුධ රැසක් මින්නේරිය ජයන්තිපුර තඹළවැව ප්‍රදේශයේ යුද හමුදා සෙබළකුගේ නිවසේ සඟවා තිබියදී අද (17) අත්අඩංගුවට ගත් බව  මින්නේරිය පොලිසිය පවසයි.

යාය 05, තඹලවැව , ජයන්තිපුර ප්‍රදේශයේ නිවසක අවි සහ කඩු සඟවා ඇති බවට ලද තොරතුරක් අනුව එම නිවස පරීක්ෂා කිරීමේ දී   ටී 56 අවි සඳහා යොදා ගන්නා මැගසින් 02 , ටී 56 අවි දෙකක කොකින් හැඩල් 02 , බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන හිස් පතුරම් කොපු 08 , පතුරම් ගැබි රදවනයක්, අවි පටි 02 ක් සහ කඩු  03ක් සොයාගත් බව පොලිසිය කීය.

ටී 56 ගිනි අවි දෙකේ ඉතිරි කොටස්  තිබේ දැයි  නිවස සහ ගෙවත්ත පරීක්ෂාවකට ලක් කළත් ඉතිරි කොටස් හමු නොවූ බව පොලිසිය පවසයි.

මෙම අවි හමු වූ නිවසේ හිමිකරු යුද හමුදා සෙබලෙක් වන අතර ඔහු 6 වෙනි පාබළ රෙජිමේන්තුවේ ත්‍රිකුණාමල කඳවුරේ සේවය කරන බවත් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි පරීක්ෂණ ආරම්භ කර ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

හමුදා සෙබළාගේ නිවසේ ගුවන් යානා නාශක උණ්ඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site