(දිලීප් ජයසේකර)
හම්බන්තොට ධීවර වරායට විකිණීමට හෙරොයින් මත්කුඩු රැගෙන යමින් සිටි පුද්ගලයකු මාතර හම්බන්තොට දිසා වැටලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (21) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජපක්ෂ මාවත, සාමෝදාගම, හම්බන්තොට ලිපිනයේ පදිංචි 30 හැවිරිදි සැකකරුවෙකි.
අත්අඩංගුවට පත් සැකකරු කාලාන්තරයක් තිස්සේ හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු යන ධීවරයින්ට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වුවෙකු බව මුලික පොලිස් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 490 ක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අධික ලෙස හෙරොයින් සඳහා ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බවත් ඒ හේතුව නිසාම බිරිඳ සැකකරු අතහැර ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හම්බන්තොට ධීවර වරායට මත්කුඩු ගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට