IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සීතාවක ප්‍රා. සභාවේ නිල මුද්‍රා ව්‍යාජව සකසා මුදල් ගැරූ නිලධාරියෙකු දැලේ

(කේ. බුද්ධික කුමාරසිරි)
 
සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකසා ඉඩම් සහ ගොඩනැගිලි අනුමත කිරීම් සහතික පත් සකස් කර මුදල් ලබා ගත් බව කියන සීතාවක ප්‍රාදේශීය සභාවේ පාදුක්ක උප කාර්යාලයට අනුයුක්තව සේවය කළ ආදායම් නිලධාරියෙකු අද (08) සැකපිට අඅඩංගුවට ගත් බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
 
එම උප කාර්යාලයේ කාර්යභාර නිලධාරිනිය පොලිසියට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත් අඩංගුවට ගත් බවද එම ඒකකය පවසයි.
 
සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් පාදුක්ක උප කාර්යාලයට නිවාස ගොඩනැගිලි සහ ඉඩම් අනුමත කර ගැනීමට ජනතාව පැමිණීමෙන් පසු අදාළ ලිපිගොනුවල පවතින විවිධ දෝෂ සඳහන් කර එම පිරිස් කාර්යාලයෙන් පිටත් කර හැර ඇති බවත්, පසුව වෙනත් පිරිසක් එම පුද්ගලයින් යළි හමු වී අදාල කටයුත්ත නීතිමය කටයුතුවල බාධාවකින් තොරව කර ගත හැකි බවත් ඒ සඳහා රුපියල් 50,000ක් ලක්ෂයත් අතර මුදලක් ලබා ගෙන ඇති බවත් අනාවරණය වී ඇති බවද එම ඒකකය පවසයි.
 
මේ අයුරින් විශාල පිරිසකගෙන් මුදල් ලබා ගනිමින් සීතාවක ප්‍රාදේශීය සබාව මගින් නිකුත් කරනු ලබන සත්‍ය සහතිකය අයුරින්ම සකස් කළ ව්‍යාජ අනුමත සහතිකයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් එම සහතික සඳහා ප්‍රාදේශීය සබාවේ කාර්ය භාර නිලධාරී සභා ලේකම් සහ සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අත්සන සහ නිල මුද්‍රා වයාජ ලෙස සකසා යොදා ඇති බවත් අනාවරණය වී ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තවත්  පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

සීතාවක ප්‍රා. සභාවේ නිල මුද්‍රා ව්‍යාජව සකසා මුදල් ගැරූ නිලධාරියෙකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site