(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)
හබ්බෙගමුව පොලිසියේ සැරයන්වරයකුගේ ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් තවත් සැරයන්වරයකු තුවාල ලබා කරාපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
රෝහල්ගත කර ඇත්තේ පරණගමගේ ජයතිස්ස නැමැති සැරයන්වරයාය. ඔහු හම්බෙගමුව බලහරුව පදිංචිකරුවෙකි.
හම්බෙගමුව, අලුත්වැව කිඹින්මුල්ල හන්දියේදී රාත‍්‍රී ජංගම මුර සංචාරයේ රාජකාරියේ නියුතුව සිටි සැරයන්වරු දෙදෙනෙකු සහ තවත් නිලධාරියෙකු සිය ජීප් රථයෙන් බැස සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇතිබව පොලීසිය පවසයි.
පොලිස් නිලධාරීන් තිදෙනා ඉදිරියට පැමිණෙමින් තිබූ යතුරු පැදියක් ඔවුන්ව දැක එන්ජිමේ හඬ වැඩිකර, ධාවනය කර ඇති අතර, එම අවස්ථාවේ ගිනි අවිය ගත් සැරයන්වරයා එය පත්තුවී අසළ සිටි සැරයන්වරයාගේ කකුලට වෙඩි වැදී බවත් පොලීසිය සඳහන් කරයි.
එම යතුරු පැදියෙන් පැමිණ ඇත්තේ ද හම්බෙගමුව පොලීසියේ ම නිලධාරීන් දෙදෙනෙකු බවද පොලීසිය කියයි.
තුවාලලත් සැරයන්වරයා වහාම හම්බෙගමුව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර මේ වනවිට ඔහු ගාල්ල කරාපිටිය මහ රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාරුකර ඇත.
හම්බෙගමුව පොලිස්ථානාධිපතිවරයා පැවසුවේ මෙය අත්වැරැද්දකින් සිදුවුවක් විය හැකි බවයි.
සිද්ධිය සම්බන්‍ධයෙන් හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සැරයන්ගේ ගිනි අවිය පත්තුවී සගයකු රෝහලේ