
(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට රුපියල් මිලියන 798 ක් වියදමින් අංග සම්පුර්ණ සය මහල් කෘෂි විද්‍යා පීඨ සංකීර්ණය ඉදිකිරීමට මුල් ගල් තැබීම 21 වැනිදා යෙදෙන සුබ මොහොතින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහභාගී වීමට නියමිත අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමුණුගම මහතා ඇතුළු නිලධාරීන් සහ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක, කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ යන මහත්වරු ඇතුළු ආචාර්ය මණ්ඩලය අනෙකුත් පීඨයන්හි පීඨාධිපතිවරු, පරිපාලන කාර්‍යමණ්ඩලය සහභාගී වෙති.
දෙවසරකදී ඉදිකරනු ලබන මහල් සයකින් යුතු පීඨ සංකීර්ණය වර්ග අඩි ලක්ෂයකින් සමන්විතය. විද්‍යාගාර 8 කින් සමන්විත වන අතර අධි තාක්ෂණික කෘෂි ඒකකයක් (High technology agro unit), ඉහළ මහලේ හරිතාගාරයක් සහ අවන්හලක් (rooftop restaurant) ද වේ.
දැනට විශ්වවිද්‍යාල කෘෂි විද්‍යා පීඨයේ සිසුන් 700 ක් අධ්‍යාපනය ලබනු අතර ඉදිරියේදී පශු වෛද්‍ය පීඨයක් ද එක් වීමට නියමිතය. ඒ අනුව පශු වෛද්‍ය පීඨයට නව සිසුන් 250 ක්ද ඇතුළුව සිසුන් 2300 කට සහ අධ්‍යයන හා කාර්ය මණ්ඩලයද ඇතුළුව දෙදහස් පන්සිය දෙනෙකුට අවශ්‍ය පහසුකම් මෙමගින් සැලසෙනු ඇත. 2020, 21 සහ 22 යන වසර තුන සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන ලෙස මිලියන නමසිය අනූ හතක් ලබාදී ඇති අතර මේ සඳහා මිලියන 798 වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
475
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1048
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සබරගමුව විශ්වවිද්‍යාලයට මිලියන 798 ක සය මහල් කෘෂි විද්‍යා පීඨ සංකීර්ණයක්