( ලලිත් නවරත්න)
පල්ලම නාගවිල ප‍්‍රදේශයේ මහාපරිමාණයේ සත්ව ගොවිපළකින් රුපියල් ලක්ෂ 60ට අධික භාණ්ඩ තොගයක් හොර රහසේම වෙනත් ආයතනයකට විකුණාදැමූ එම ආයතනයේ සේවකයින් දෙදෙනෙකු සමඟ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නාගවිල ආඩිගම සහ පල්ලම ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් පස්දෙනෙකි.
මෙම සත්ව ගොවිපලට අයත් ඉඩමේ ප‍්‍රමාණය අක්කර 25ක් වන අතර එම ගොවිපළ තුළ කුකුළන් 20000 ප‍්‍රමාණයක් මස් සහ බිත්තර සඳහා ඇතිකර ඇත. මීට වර්ෂයකට පමණ ඉහතදී මෙම ඉඩමේ හෝටලයක් ඉදිකිරීම සඳහා මෙම ගොවිපලේ කුකුලන් ඇතිකිරීම නවතා ඇත.
ඒ අනුව මෙම ඉඩම හා එහි වටිනා භාණ්ඩ තොගය රැකබලාගැනීම පිණිස මුරකරුවන් දෙදෙනෙකු නවතා ඇතිඅතර මෙම පුද්ගලයින් විසින් ගොවිපළට සම්බන්ධ නැති බාහිර පුද්ගලයින් තිදෙනෙකු යොදාගෙන ගොවිපළට අයත් කටුකම්බි රෝල් 350ක්, ගෘහභාණ්ඩ සඳහා යොදාගන්නා වටිනා කෙම්පස් ලිතොගයක් , නානකාමර , උපකරණ තොගයක්, වායු සම්පිණ්ඩන යන්ත‍්‍ර 5ක් විදුලි උත්පිදන යන්ත‍්‍රයක්, ඇතුලූ උපකරණ තොගයක් මෙසේ සොරකම්කර වෙනත් ආයතනයකට අළෙවිකර ඇත.
මෙම උපකරණ තොගය අවස්ථා කීපයකදී සොරකම්කර ඇතිබව සිදුකළ පොලිස් විමර්ෂණ වලදී හෙළිවී ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සත්ත්ව ගොවිපොළකින් ලක්ෂ 60ක භාණ්ඩ සොරාගත් 5ක් අත්අඩංගුවට