
(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය ප්‍රාදේශීය සභා කාර්යාලයේ සේවිකාවකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ වීරකැටිය ප්‍රාදේශීය සභා කාර්යාලය අද (19) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දමා තිබේ.
ප්‍රාදේශීය සභාවේ සේවකයින්ට සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයෙන් මෙම සේවිකාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
වීරකැටිය ආදාහනාගාරයේ සේවකයෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවත් එම සේවකයාද ප්‍රාදේශීය සභා කාර්යාලයට පසු ගියා දා පැමිණ සිටි බවත් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd