(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
රාජ්‍ය විගණන නිලධාරීන්ගේ එකමුතුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල පොල්දුව මංසන්දිය අසළදී අද(09)  පැවැත්විණි.

වැටුප් විෂමතා, උසස්වීම් ඇතුළු ගැටළු කීපයකට විසඳුම් ලබාදෙමින් සියලු පාර්ශව එකඟ වූ රාජ්‍ය විගණන සේවා ව්‍යවස්ථාව වහාම සම්මත කරන්නැයි ඉල්ලා ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.

රාජ්‍ය විගණන සේවා ව්‍යවස්ථාව ප්‍රමාදවීමෙන්  රාජ්‍ය විගණන නිලධාරීන් රැසක් මේ වනවිට රාජ්‍ය සේවයෙන් ඉවත්ව යාමේ ප්‍රවණතාවයක් ඇතැයි විගණන පරීක්ෂක සේවා සංගමයේ සභාපති ඉන්ද්‍ර විජය බණ්ඩාර මහතා පැවසීය.