ප්‍රින්ස් රත්නායක
වැසි සහ දැඩි සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් බලන්ගොඩ හා ඉඹුල්පේ බල ප්‍රදේශවල පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් පීඩාව පත්ව ඇති බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසීය.
ඉකුත් 7 වැනිදා සිට 9 වැනිදා දක්වා බලන්ගොඩ ප්‍රාදේශීය මහලේකම් බල ප්‍රදේශයේ ටන්ජන්තැන්න නිවාස 8ක්, පොල්වතුගොඩ නිවාසයක්, මැදබැද්ද නිවාස 2ක්, කල්තොට නිවාස 2ක්, කෝන්ගහමංකඩ නිවාසයක්, නෙලුයාය නිවාස 2ක්, අල්දොර නිවාසයක් වශයෙන් පවුල් 17ක් සහ ඉඹුල්පේ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ බෙලිහුල්ඔය, පිඩලිගන්නාව, පාගල්ඕවිට, හල්පේ සහ වෑගපිටිය යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර මහතා සඳහන් කළහ.
අදාළ ග්‍රාමසේවා වසම් තුළ ආදාළ නිලධාරීන් මගින් මූලික අධීක්ෂණයන්ට ලක්කර ඔවුන්ට ආපදා සහන සැලසීමට පියවර ගෙන ඇති අතර අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් 10,000ක් ද, නිවාස යථා තත්වයට පත් කිරීමට රුපියල් 10,000කට වඩා වැයවෙන පිරිස සඳහා එම මුදල් ඉල්ලුම්කිරීමට පියවරත්, එම ඉල්ලුම්පත් කැඳවීමෙන් අනතුරුව අදාළ තක්සේරු කටයුතු කර එම සහන සැලසීමට පියවරත් ගනු ලබන බව බලන්ගොඩ හා ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම්වරු පැවසූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වැස්සෙන් බලන්ගොඩ-ඉඹුල්පේ 100ක් පීඩාවට