IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


වැස්සෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 5880 ක් පීඩාවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අධික වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක පවුල් 1880 ක පුද්ගලයින් 5880 ක් පීඩාවට පත්වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 193 ක පුද්ගලයින් 710 ක්,කල්පිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 957 ක පුද්ගලයින් 2625 ක්,වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්77 ක පුද්ගලයින් 274 ක් පීඩාවට පත් වී ඇති අතර මහකුඹුක්කඩවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 17 ක පුද්ගලයින් 51  දෙනෙකු,නවගත්තේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50 ක පුද්ගලයින් 152 කු සහ පුත්තලම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 686  ක පුද්ගලයින් 2608 ක පීඩාවට පත්වී ඇති බව එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

පීඩාවට පත්ව ඇති පිරිස් වෙනුවෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් ආරක්ෂිත කඳවුරක් පිහිටා ඇත.

එහි පවුල් 20 ක පුද්ගලයින් 194 දෙනෙකු රඳවා ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 02 බැගින්ද,ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් සහ වාන් දොරටු 04 ක් අඩි 04 බැගින් විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි.

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 02 බැගින්ද,රාජාංගනය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 06 බැගින්,වාන් දොරටු 02 ක් අඩි 04 බැගින් සහ වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් විවෘත කර ඇත.අංගමුව ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 03 බැගින් විවෘත කර ඇත.

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ එළුවන්කුළම සපත්තු පාලම මතින් අඩි 08 ක පමණ ජලයක් ගලා යන බැවින් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවද පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

 

 



අදහස් (0)

වැස්සෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 5880 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 410 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 448 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site