(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
ගාල්ල නගරය ඊයේ (11) රාත්‍රියේ සිට මේ දක්වා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පහත් බිම් ගණනාවක් සහ ගාල්ල නගරයට පිවිසෙන මාර්ගය කිහිපයක්ම ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව ගාල්ල නගරයේ වක්වැල්ල පාර, බද්දේගම මාර්ගයේ කහදුවවත්ත, බෙලිගහ හන්දිය, අම්බලන්වත්ත යන මාර්ග මෙසේ යට වී ඇත. මේ හේතුවෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට බාධා ඇති වී තිබේ.

ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් සහ දම්පත් රත්නායක මහතා පැවසූයේ මීට ප්‍රධානම හේතුව වන්නේ කාණු පද්ධතිය නිසි ආකාරයෙන් පවිත්‍ර නොකිරීම බවයි. ගිං ගඟේ ජල මට්ටම ද මේ වන විට ඉහළ යමින් පවතින බවද ඒ මහතා පැවසීය.