(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයට පවතින අධික වාර්ෂාව හේතුවෙන් 40,000 ක පමණ ජනතාවක් පීඩාවට පත්ව ඇති බව අම්පාර දිසාපති ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා අද (05) පැවසිය.
ආලයඩිවෙම්බු පෙර පාසලේ අවතැන් පවුල් 28 ක පුද්ගලයින් 79 දෙනෙක් සිටින අතර ඔවුන්ට පිසු ආහාර ලබාදිමට කටයුතු කර තිබේ.
අධික වාර්ෂාව හේතුවෙන් මහඔය රඹකැන්ඔය ජලාශයේ වාන් දොරටු දෙක විවෘත කිරීමට වාරිමර්ග දෙපාර්මේන්තුව කටයුතු කරනු ලැබීය.
මෙම දොරටු දෙකෙන් තත්පරයකට ඝන අඩි 600 බැගින් ජලය නිකුත් වෙන බව වාර්මාර්ග දෙපාර්මේන්තුව කියයි.
අධික වර්ෂාව සමඟ ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 78 දක්වා ඉහළ ගොස් තිබේ දැනට එහි මුලු ජලධාරිතාවය අක්කර අඩි 296000 කි.
දිස්ත්‍රික්කයේ සියලුම ජලාශවල ජල මට්ටම සියයට හැත්තෑවක් පමණ ඉහළ ගොස් ඇති බව අම්පාර වාර්මාර්ග අධ්‍යක්ෂක සුදත් ගමගේ මහතා පැවසීය.
කොණ්ඩුවටුවාන ජලාශය වාන් දැමීම හේතුවෙන් අම්පාර ඉගිණියාගල මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා ඇතිවිය.
මළයාඩිය වැව වාන් දැමීම හේතුවෙන් අම්පාර එරගම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා ඇති වූ අතර දමන අලහේන වැව වාන් දැමීම හේතුවෙන් දමන පාදාගොඩ මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා ඇතිවිය.
දිස්ත්‍රික්කයේ කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබෙන අතර එය ප්‍රමාණයක් හැටියට මෙතෙක් ගණනය කර නොමැති බව අම්පාර දිසාපති ඩි.එම්.එල් බණ්ඩාරනායක මහතා පැවසීය.
විපතට පත් පවුල් සඳහා වියළි ආහාර ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.
දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් නිවසක් කැඩි ගොස් ඇති අතර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස තුනක් කැඩි ගොස් තිබේ.
එම පවුල් සඳහා තාවකාලික වැසි ආවාරණ ලබාදීමට කටයුතු කල බවද දිසාපතිවරයා සඳහන් කළේය.



2025 දෙසැම්බර් මස 30
81
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැස්සෙන් අම්පාරේ 40,000 ක් පීඩාවට