(ක.ග.කරුණාරත්න)
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක තුළ වෙසෙන පුද්ගලයන් 13,000කට අධික පිරිසක් පානීය ජල හිඟයකට මුහුණපා සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
මෙයින් වැඩිම පිරිසක් වෙසෙනුයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේයි. එම පිරිස 6731ක් වන අතර ඔවුහු පවුල් 2444කට අයත් වෙති. ග්‍රාම නිලධාරී වසම් ගණන 7කි. දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 11ක වෙසෙන පවුල් 1899කට අයත් පුද්ගල සංඛ්‍යාව 6424ක් බව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ. ධර්මසිරි මහතාගේ උපදෙස් පරිදි මෙම ජනතාවට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් ඔවුන් වෙසෙන ගම්මානවලට බෙදා හැරීමට පියවර ගෙන තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව දෛනිකව ජලය බෙදා හැරීම සඳහා බවුසර් 10ක් යොදවා ඇතැයිද ජලය ලීටර් 148,000ක ප්‍රමාණයක් දිනකට බෙදාහරින බවද ඒ මහතා කීය.


2025 නොවැම්බර් මස 21
67
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
167
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1018
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වැලිකන්ද-දිඹුලාගල 13,000ක් ජල හිඟයෙන් පීඩාවට