IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වතුකම්කරුවන්ට දුන් පොරොන්දු ඉටු නොකළොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට

( ඩී.කේ.රත්න)

වතු කම්කරු ජනතාවට රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දෙන බවට රජය මගින්  පළමුව පොරොන්දු වුවද එම මුදල ලබාදීම රජය විසින් මගහරිමින් සිටින බවත්  එම මුදල ලබාදීමට කටයුතු නොකරන්නේ නම්  ඉදිරියේදී වතු කම්කරුවන් දැඩි වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට එළඹෙන බවත් වතු කම්කරු මධ්‍යස්ථානය  අද (15) හාලිඇලදී පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා වතුකම්කරු මධ්‍යස්ථානයේ සභාපති වසන්ත ශ‍්‍රී අබේකෝන් සහ වතුකම්කරු මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත‍්‍රික් සභාපති ඉන්දුමතී විද්‍යාරත්න  යන අය සහභාගී වූහ.

රුපියල් දහසක දෛනික වැටුප වෙනුවට රුපියල් පනහක දීමනාවක් දැනට ගෙවන රුපියල් 700 ක දෛනික වැටුපට එකතු කරන බවට රජය පොරොන්දු වුවද මේ වන තෙක් එම මුදලද ලබාදීමට කටයුතු නොකිරීම තුළින් වතු කම්කරුවන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති තිබේ.

වතු කම්කරුවන් නියෝජනය කරන රජයේ ඇමැතිවරුන් හා රජයේ වතු කම්කරුවන් රැවටීමට කටයුතු කළද  ඉදිරියේදී තම වෘත්තීය සමිතිය මගින් වතු කම්කරුවන් පාරට බස්සවමින් දැඩි වෘත්තීය ක‍්‍රීයාමාර්ගයකට එළඹෙන බවත් වතුකම්කරු මධ්‍යස්ථානයේ සභාපති වසන්ත ශ‍්‍රී අබේකෝන් මහතා කීය.

 



අදහස් (0)

වතුකම්කරුවන්ට දුන් පොරොන්දු ඉටු නොකළොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site