(රංජිත් රාජපක්ෂ)
හැටන් වටවල හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වී ඇති බව වටවල පොලිසිය පැවසීය.
මෙම අනතුර සිදු වි ඇත්තේ අද (06) පස්වරු 2 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේදී බව පොලිසිය කීය.
හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ බස් රථය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීමට රියදුරා උත්සහ කිරීමේදි බස් රථය රියදුරාගේ පාලනයෙන් මිදි පසු පසුට ධාවනය වීම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන කන්දක ගැටී අනතුර පත් වී ඇති බව වටවල පොලිසිය සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් 15 දෙනෙකු පමණ ගමන්කර ඇති අතර අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වටවලදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වෙයි