(කුෂාන් ජයවර්ධන)
කැකිරාව සදගල්පාය නිවාස සංකීර්ණය ප්‍රදේශයේ අතහැර දැමූ වගා බිමක තිබූ අනාරක්ෂිත වළකට වැටී සිටි කෙනරක හා පැටවකු ගොඩ ගැනීමට ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු හා කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීහු අද (24) කටයුතු කළහ.
කලාවැව ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා ගම්වැදුණු අවස්ථාවේ එම අලි පටවා හා කෙනෙර මෙම වළට ඇද වැටී ඇති බව වනජීවි නිලධාරීහු පවසයි.
වළට වැටී සිටි පැටවා වයස අවුරුදු 03ක් පමණ වන අතර කෙනෙර වයස අවුරුදු 20ක් පමණ වෙතැයි අනුමාන කෙරේ.කෙනෙර එම වළ අසළ රැදී සිටිමින් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබිණි.
පසුව ප්‍රදේශවාසීන් කළ දැනුම් දිමක් අනුව ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ හා කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමින තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබිණ.
බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් එම වලේ කට ඔස්සේ කැපූ මාරගයක් ඔස්සේ එම අලි පැටවා හා කෙනෙර ගොඩ ගැනීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.
නිරුපද්‍රිතව ගොඩගත් මව් කෙනෙර හා පැටවා යළි කලාවැව ජාතික උද්‍යානය වෙත පලවා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.
කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීහුද ගම්වාසීහුද වනජීවි නිලධාරීන්ගේ එම මෙහෙයුමට සහය වූහ.




2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
757
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වගා ළිඳකට වැටුණු කෙනෙර සහ පැටවා බේරා ගනී