බිමල් ශ්‍යාමන් ජයසිංහ
මරදාන දෙමටගොඩ පාර විහාරස්ථානයක් අසළදී ත්‍රි රෝද රථයකින් රුපියල් ලක්ෂ 30 පමණ වටිනා හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශය කියයි.
එම පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 250ක් හා මිලිග්‍රෑම් 230ක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා මරදාන දෙමටගොඩ හා වවුනියාව පෙරියතුලම් පදිංචි අවුරුදු 42 සහ 26 හැවිරිදි පුද්ගලයෝ වෙති.
වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශය ලද තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd