
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයේදි අද(17) සිදුවු රිය අනතුරකින් වයස මාස 8ක පමණ ළදරුවෙකු මරණයට පත්ව, එම දරුවාගේ මව හා පියා බරපතල තුවාල ලබා ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
අනතුරින් මරණයට පත් ඇත්තේ මදුරන්කුලිය කනමුද්ලේ පදිංචිව සිටි ළදරුවෙකු බව පොලිසිය කියයි.
මව, පියා සහ ළඳරුවා යතුරු පැදියේ සිටියදී, යතුරු පැදිය මාර්ගය අයිනේ නවතා තිබියදී වේගයෙන් පැමිණි මෝටර් රථයක් එහි ගැටී අනතුර සිදුව ඇත. වේගය පාලනය කරගත නොහැකිව මෝටර් රථය අසළ වූ ගසක ද ගැටී නැවතී ඇති අතර, අනතුරින් පසු මෝටර් රථයේ සැකකාර රියැදුරා පලා ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධව පුත්තලම මුලස්ථාන පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd