( රොමේෂ් මධුෂංඛ)
 
මුලතිව් උදයාර්කට්ටු මූංකිලාරු ප්‍රදේශයේදී යතුරුපැදියක් විදුලි කණුවක ගැටීමෙන්  සරසවි සිසුවෙකු මිය ගොස් ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
 

අනතුරින් මිය ගොස් ඇත්තේ පේරාදෙනිය සරසවියේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු වූ මුලතිව් මූංකිලාරු බටහිර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ආනන්දරාසා ප්‍රසන්නා නැමති තරුණයෙකි.
 
මිය ගිය තරුණයා අද (13)  යතුරුපැදිය අධික වේගයකින් ධාවනය කර වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්  විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බරපලතල තුවාල ලැබූ සරසවි සිසුවා පුදුකුඩිඉරිප්පු රෝහලට රැගෙන ඒමෙන් පසුව මිය ගොස් ඇති බවට පරික්ෂණ සිදු කරන පුතුකුඉඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසීය.