(උපාලි ආනන්ද)
අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයාගේ නිවසට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30 ට අධික දේපොළ අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් රිමාන්ඩ් කර සිටි අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද (22) නියෝග කළේය.
ඒ අනුව සියලු සැකකරුවන්ට රුපියල් 110000 බැගින් වෙන් වෙන් වශයෙන් මුදල් ඇප නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 5 ක් පමණ වටිනා ශරීර ඇප දෙක බැගින් වෙන් වෙන් වශයෙන් සියලු සැකකරුවන්ට නියම කෙරිණි.
ඇපකරුවන් පදිංචි සහතික සමග අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා සතියේ සෑම ඉරිදා දිනයකම තඹුත්තේගම පොලිසියට වාර්තා කරන ලෙසටද සැකකරුවන්ට නියෝග කරනු ලැබීය.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසටත් සැකකරවැන්ට බලපෑම් කල බවට වාර්තා වුවහොත් නියම කළ ඇප අවලංගු කර යළි බන්ධනාගාර ගත කරන බවටද සැකකරුවන්ට තරයේ දැන්වීය. සියලු සැකකරුවන්ට විදේශ ගතවීම තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා විදෙස් ගමන් බලපත‍්‍ර අධිකරණයට බාර දෙන ලෙසටද සැකකරුවන්ට නියෝග කළේය.
රිමාන්ඩ් කර සිටි අනුරාධපුර නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින්නැයි ඉල්ලමින් අනුරාධපුර මහ නගර සභාවේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුනේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රී නලීන් සිරිවර්ධන මහතා නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා මගින් මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයදුම්පත සළකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කරනු ලැබීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රිමාන්ඩ් බාරයේ සිටි උතුරු පළාත් සබේ හිටපු සභාපති ඇතුළු සැකකරුවන්ට ඇප