IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රඹකැන්ඔය ජලාශයේ වාන්දොරටු අරී


(වසන්ත චන්ද්‍රපාල)
 
අම්පාර දිස්ත්‍රික්කයට පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති රඹකැන්ඔය ජලාශයේ ජල මට්ටම ඉහළ නැගීමත් සමගම එහි වාන් දොරටු දෙක විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්මේන්තුවේ නිලධාරීහු පියවර ගත්හ.
 
රඹකැන්ඔය ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි  45500 ක් වන අතර දැනට අක්කර අඩි 44471 ක ජලයක් එකතුවී තිබේ. එක වාන් දොරටුවක් අඟල් තුන  බැගින් විවෘත කළ අතර එයින් තත්පරයකට ඝන අඩි 300 ක ජල ප්‍රමාණයක් පිටවෙන බව රඹකැන්ඔය වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර  මහතා පැවසීය.
 
ජලාශයේ පහළ සිටින අය දැනුවත් කිරීමටද වාරිමාර්ග නිලධාරින් කටයුතු කර තිබේ.
 
2015 වසරේ රඹකැන්ඔය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කළ අතර විදේශ ආධාර නොලබා ලංකාවේ මුදල්වලින් මෙම වැව ඉදිකරනු ලැබිණි.



අදහස් (0)

රඹකැන්ඔය ජලාශයේ වාන්දොරටු අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site