
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රත්නපුර වෙරළුප සිට මොරගහයට හන්දිය දක්වා වාහන ගමනාගමනය, රත්නපුර සිට කොළඹ දෙසට පමණක් සීමා කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ රත්නපුර ප්‍රධාන ඉංජිනේරුවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
කොළඹ-රත්නපුර, වැල්ලවාය-මඩකලපුව ඒ4 ප්‍රධාන මාර්ගයේ රත්නපුර නගරය ආසන්නයේ පැරණි පාලම කඩා ඉවත්කිරීම නිසා ඊයේ(25) සිට නැවත දැනුම් දෙනතෙක් මෙම නව රථ වාහන සැලැස්ම හඳුන්වා දී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
විකල්ප මාර්ග භාවිතා කිරීම සම්බන්ධව මාර්ග සිතියමක් සබරගමු මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය, රත්නපුර ලංගම ඩිපෝව, පොලිසිය ඇතුළු ආයතන වෙත පළාත් මාර්ග කාර්යාලය විසින් යොමුකරන ලදී.
රියදුරන්ගේ පහසුව සඳහා පොලිස් රථවාහන නිලධාරීන්ද යොදවා ඇති අතර අදාල විකල්ප මාර්ග අසළ පුවරුද සවිකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd