(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙටිටිආරචිචි)
බලන්ගොඩ රජවක රක්ෂිතයේ පාරක් කැපීම සඳහා රක්ෂිතට බැකෝ යන්ත්‍රයක් ඇතුළු කළ පුද්ගලයෙකු අද (12) දහවල් අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ අඩවි වන නිලධාරි කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් තැනැත්තා ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රජවක රක්ෂිතයේ නෙළුයාය ප්‍රදේශයට මොහු බැකෝ යන්ත්‍රය අනවසරයෙන් ඇතුළු කර ඇතැයි බලන්ගොඩ අඩවි වන නිලධාරි විජයන්ත උපුල් මහතා කීය. මොහුට එරෙහිව නඩත්තු පවරා හෙට (13) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට කටයුතු කරන බවද විජයන්ත උපුල් මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd