(ඩබ්. ඒ. පියතිලක)
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් මේ වන විට යල් කන්නයේ අස්වැන්න නෙළමින් පැවැතියත් රජය හෝ වී අලෙවී මණ්ඩලය විසින් වී මිලදී නොගැනීම නිසා පෞද්ගලික මෝල් හිමියන් විසින් තුට්ටු දෙකට වී මිලදී ගන්නා බව ගොවීහු කියති.
පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා වී අස්වැන්න නෙළමින් පවතින බවත්, මෙතෙක් වී අලෙවි මණ්ඩලය හෝ රජය කිසිදු මැදිහත්වීමක් නොවන නිසා පුද්ගලික වී මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි තුට්ටු දෙකට වී මිල දී ගන්නා බවද ඔවුහු කියති. සෑම යල-මහ කන්නයකදීම අස්වැන්න නෙළීමට මාසයකට පමණ පෙර සිට වී අලෙවි මණ්ඩලය විසින් දිස්ත්‍රික්කය පුරා දැන්වීම් පළකර මිලදී ගැනීම් මධ්‍යස්ථාන අරඹා වී මිලදී දී ගන්නා බවද, නමුත් මෙම කන්නයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානවත් වී සඳහා රජය විසින් නිකුත් කරන සහතික මිලක්වත් මෙතෙක් සිදු කර නොමැති බවද රජය වී සඳහා සහතික මිලක් නම් කළා නම් පුද්ගලික වෙළෙන්දා එම මිලට වඩා වැඩි මිලකට ගොවීන්ගේ වී මිලදී ගන්නා බවද, ඔවුහු කියති.
ගිය මාස් කන්නයේ වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 38ත් සම්බා කිලෝවක් 41කටත් මිලදි ගැනීමට කටයුතු කිරීම නිසා පුද්ගලික වෙළදුන් විසින් ඉහළ මිලකට ගොවීන්ගේ වී ලබා ගත් බවද, මෙම කන්නයේ අස්වැන්න නෙළීම ආරම්භ කර ඇතැත් ගොවීන්ගේ වී සඳහා මිල නියම කර ඇත්තේ රජය විසින් නොවන බවද, වී මිල දි ගනු ලබන්නේ පුද්ගලික වී මෝල් හිමියන් විසින් බවත් මෙම ක්‍රියාව නිසා ගොවින් කබලෙන් ලිපට වැටි ඇති බවත් ඔවුහු කියති.
මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තිරු අනුරාධනායක මහතා මෙසේ කීය.
“මෙම කන්නයේ වී මිල අපි වැඩි කිරීමට කටයුතු සිදු කර එය අනුමත කර ගැනීමට කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළා. එය අනුමත වු පසු නාඩු කිලෝවක් සඳහා සහතික මිල රුපියල් 43ක් ද , සම්බා කිලෝවක් සදහා රුපියල් 46ක මිලකට ලබා ගැනීමට සුදානමින් සිටිනනේ. කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය තාම ලැබී නැහැ. එය ලැබුණු විගස පොළොන්නරු දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 25ක් පමණ විවෘත කර වී මිලදී ගැනීම් කටයුතු සිදු කරනවා” යැයි සභාපතිවරයා පැවැසීය.

2025 දෙසැම්බර් මස 18
611
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජය වී මිලදී නොගත්තැයි පොළොන්නරුවේ ගොවීන්ගෙන් චෝදනා