(ක.ග.කරුණාරත්න)
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු ලේඛන ව්‍යාජ ලෙස සකස් කර තම සන්තකයේ තබාගෙන සිටි බව කියන හමුදා සෙබළෙකු පොලොන්නරුව,කදුරුවෙල,ගල්ලෑල්ල ප‍්‍රදේශයේදී අද(27) අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබලූන් නිවාඩු ලබා යන අවස්ථාවේ නිකුත් කරනු ලබන නිවාඩු අවසර පත‍්‍ර පොතක් සහ සිය සේවා ස්ථානයේ නිවාඩු අනුමත කරන නිලධාරියාගේ රාජකාරී නිල මුද්‍රාවක් මෙලෙස ව්‍යාජ ලෙස සකස්කර තිබූ ලේඛන අතර වන බව පොලීසිය සඳහන් කලේය.
පොලොන්නරුව,කදුරුවෙල,ගල්ලෑල්ල ,ප‍්‍රදේශයේ වෙසෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යුද හමුදා සෙබලෙකු සමඟ එක්ව එම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවට පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට ලැබුණු තොරතුරක් මත එහි පොලිස් කණ්ඩායමක් අද(27) අලුයම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවෙස වැටලූ අවස්ථාවේ එහි සිටියදී මෙම හමුදා සෙබළා පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.
එම නිවෙසේ හිමිකරුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නීති විරෝධී මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්‍ධයෙන් මීට පෙර සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත දැනට රිමාන්ඞ් බන්‍ධනාගාර ගතව සිටින බවද පොලීසිය පැවැසීය.
පොලිස් අත් අඩංගුවට පත් යුද හමුදා සෙබළා අරලගංවිල,වෙහෙරගල,රුහුණුගම පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකි.
වැලිකන්ද,සේනපුර ප‍්‍රදේශයේ පිහිටුවා තිබෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයෙක සේවය කරන බව කියන මේ සෙබළා නිවාඩු ලබා පැමිණ ඇත්තේ මේ වසරේ මාර්තු මාසයේදී බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇත.
නියමිත නිවාඩු දින අවසන් වීමෙන් පසුව එතැන් සිට තමන් සතු ව්‍යාජ නිවාඩු අවසර පත‍්‍ර පොතෙන් නිවාඩු අවසර පත‍්‍ර ලියාගෙන ලඟ තබාගෙන සිටි බව සැකකාර හමුදා සෙබලා පොලීසියට ප‍්‍රකාශකර තිබේ.එම නිවාඩු අවසර පත‍්‍ර සඳහා මුද්‍රාව තබා ඇත්තේද සිය රාජකාරී ස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ(පුනරුත්ථාපන)යනුවෙන් සඳහන් ව්‍යාජ ලෙස සකස්කර තිබූ මෙම මුද්‍රාව යැයිද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
මොහු විසින් පොලොන්නරුව,නවනගරයේ පිහිටි මුද්‍රණාලයකින් මෙම කූඨ ලේඛන සහ මුද්‍රාව මුදල් ගෙවා සාදවා ගෙන ඇතිබවද පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණය කරගෙන තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යුද හමුදාව සතු ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ සෙබළෙකු අත්අඩංගුවට