(රොමේෂ් මධුෂංඛ)

යාපනය මහනගර සභාවේ සේවයේ නිරත සුළු සේවකයෝ විසින් සිය සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා අද (23) දෙවන දිනටත් සේවයෙන් ඉවත්ව වැඩවර්ජනයේ නිරතව සිටිති.

යාපනය මහනගර සභාවේ පිවිසුම් දොරටුව ඉදිරිපිට වැඩවර්ජනයේ නිරත සුළු සේවකයින් මේ වන විට සත්‍යග්‍රහයක නිරත වෙමින් කියා සිටින්නේ තම ඉල්ලීම් වෙනුවෙන් වසර ගණනක් පුරාවට කිසිදු බලධාරියකු විසඳුමක් ලබා නොදීම හේතුවෙන් මෙවැනි පියවරක් ගත් බවයි.