(විනීතා එම්. ගමගේ)
යාපන අර්ධද්වීපයට ජලය සපයන නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නෙදර්ලන්ත තානාපති කාර්යාලය පියවර ගෙන ඇත.
‘‘යාපනයට ගංගාවක්’’ ලෙසින් නම් කර ඇති මෙම ව්‍යාපෘතියට නෙදර්ලන්ත රජයේ අනුග‍්‍රහය ලැබෙන බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී ඩෝනවාඩ් මහත්මිය පැවැසුවාය.
යාපන අර්ධද්වීපයේ බහුලව ඇති කලපු වලින් ධීවර කර්මාන්තය සඳහා යොදා නොගන්නා කලපුවලට මුහුදු ජලය පැමිණීම වළක්වමින් වැටි දමා ඒවාට වැසි ජලය එකතු කර පිරිපහදු කිරීමෙන් ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගන්නා බව ද තානාපතිනිය කීවාය.
මෙම ව්‍යාපෘතිය ලබන වසරේ (2020) ආරම්භ කිරීමට නියමිත බවත් ඒ සඳහා වන ශක්‍යතා වාර්තා සැකසෙමින් ඇති බවත් කී තානාපතිනිය මෙය ඉතා සරල සංසිද්ධීන් මත සිදුකරන ව්‍යාපෘතියක් බවත් ඒ සඳහා විශේෂඥ දැන්ම ලබාදීම තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් සිදුකරන බවත් පැවසුවාය.
නෙදර්ලන්තයේ භූමියෙන් 35 % ක් මුහුදු මට්ටමින් පහළ ඇතැයි කී ඇය තම රට සතු ජල කළමනාකරණ දැනුම අනුව රට මුහුදට යට නොවී පවතින බවත් මෙම ජල කළමනාකරණ දැනුම යාපනය ව්‍යාපෘතියේ දී යොදා ගන්නා බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
965
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයට ජලය සපයන නව ව්‍යාපෘතියක්