(නවරත්න සමරතුංග)
නාමල්ඔය වැවේ සොරොව්ව අසලදී අද (26) යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් එහි පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉගිනියාගල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඩී.ඇම්.කරුණාදාස නැමැති 58 හැවිරිදි පොල්වගා ජනපදය අම්පාර ලිපිනයේ පදිංච්කරුවෙකි.
මෙම පැදිකරු තවත් පුද්ගලයෙකු සමඟ පොල්ලෙබැද්ද සිට ඉගිනියාගල දෙසට ගමන් කරමින් සිටියදී මුල්ලේගම ප්‍රදේශයේදී ඔවුන් ගමන් කරමින් සිටි යතුරු පැදියේ කාර්මික දෝෂයක් හටගෙන නතර වී ඇත.
එම අවස්ථාවේ මහනුවර දෙස සිට පැමිණි වෑන් රථයක් නතර කර ඇති අතර පසුව එහි සිටි පුද්ගලයෙකු විසින් යතුරු පැදියේ දෝෂය සකස්කර දී ඇත.
ඉන්පසුව යතුරු පැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයා වෑන් රථයට ගොඩවී ඇති අතර පැදිකරු වෑන් රිය පසු පසින් නාමල් ඔය වැව දෙසට ගමන් කර ඇති බවත් එහිදී යතුරු පැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව ඔහු සොරොව්ව අසල තිබූ ආරක්ෂිත යකඩ වැටෙහි ගැටී ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව වෑන් රථයේ සිටි පිරිස යතුරුපැදිකරුව ඉගිනියාගල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුළත් කරන විට පැදිකරු මියගොස් සිටි බව පොලිසිය කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට