
(පුත්තලම - එච්.චන්දන)
පුත්තලම පරණ අනුරාධපුර මාර්ගයේ අතුරු මාර්ගයක නිවසක් පිටුපස නවතා තිබූ ලක්ෂ 70 ක් පමණ වටිනා නවීන මෝටර් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පුත්තලම පොලිසිය කියයි.
මෙම මෝටර් රථයේ හිමිකරුවන් නිවසේ නොමැති අවස්ථාවේ අද (25) අළුයම 1.30ට පමණ ගිනිගෙන ඇති අතර අසල නිවසක අය දැක මේ පිළිබඳව මෝටර් රථයේ හිමි කරුවන්ට හා පොලිසියට දැනුවත් කර තිබේ.
කුලී පදනම මත කාර් රථ ලබාදෙන ස්ථානයක් වන මෙම ස්ථානයේ මෝටර් රථ කිහිපයක් නවතා තිබෙන අතර සිද්ධිය වූ අවස්ථාවේ මෙම රථය පමණක් තිබී ඇත.
මෙම කිසියම් කඩාකප්පල් ක්‍රියාවක්ද, නැත්නම් කාර්මික දෝෂයක් නිසා මෙම ගිනිගැනීම සිදුවූයේද යන්න පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

2025 දෙසැම්බර් මස 18
530
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථයක් ගින්නකින් විනාශ වෙයි