(ඉන්දික අරුණ කුමාර)
 
මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයන්හි  සිදුවන වන සතුන් දඩයම මේ දිනවල  ඉහළ ගොස් ඇතැයි අඹන ප්‍රදේශවාසීහු කියාසිටිති.
 
වර්ෂාව නොමැතිකමින් දිය සොයා ගම්වදින වන සතුන් හොර රහසේ දඩයම් කර පිටපළාත්වලට අලෙවි  කිරීමේ කටයුතු  කාලයක් තිස්සේ මෙහි පවතින බවත් පවතින දැඩි නියගය හේතුවෙන් මෙම තත්ත්වය වැඩි වී ඇති බවත්  ඔවුහු කියති.
 
මොරගහකන්ද ජලාශයට යටවු කඹරව, ගල්පෝරැගොල්ල, ඇලගමුව, තලාගොඩ ආදී ප්‍රදේශවලට පැමිණෙන වන සතුන් මෙලෙස දඩයම් කරති. රාත්‍රිකාලයේ ගිනි අවි ද සහිතව ගමන් ගන්නා පුද්ගලයින්  සමඟ අවට ගම්මාන වල පිරිස් ද ගමන් ගන්නා බව පරිසරට හිතැති අවට පිරිස් කියා සිටිති.