IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මූන්දලමේ බස් රථ අනතුරකින් 20 ක් රෝහලේ

 (හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 

මූන්දලම සෙම්බැට්ට ප්‍රදේශයේ දී ඊයේ(14) රාත්‍රියේ සිදුවු බස් රථ අනතුරකින් විසි දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් සිව්දෙනෙකුගේ තත්වය බරපතල බවත් මූන්දලම පොලිසිය පවසයි.
 
 මෙසේ තුවාල ලබා ඇත්තේ ගම්පහ සිට තලවිල දේවස්ථානය වෙත ගමන්ගත් බස් රථයක බැතිමතුන් පිරිසකි.
 
තුවාල ලැබූ පිරිස ගම්පහ , වැලිවේරිය , දිවුලපිටිය , මිනුවන්ගොඩ, නාත්තන්ඩිය , වලහපිටිය පදිංචිකරුවන් පිරිසක් බවද ඔවුන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය කියයි.
 
 මෙම බස් රථය ගම්පහ දක්වා පිටත්ව යමින් සිටියදී අනතුර සිදුව ඇති බව කියයි .
 
බස් රථය සෙබ්බැට්ට ප්‍රදේශයේදී යතුරු පැදියක් ඉස්සර කිරීමට යාමේදී හලාවත දෙසින් පැමිනි ත්‍රිරෝද රථයක් බස් රථයේ ගැටීමට ගොස් ඇත. එය වැලැක්වීමට යාමේදී ත්‍රි රෝද රථයද අනතුරට ලක්කරමින් බස් රථය පෙරළී ඇතැයි මුන්දලම පොලිසිය පවසයි.
 
අනතුරින් බරපතල තුවාල ලැබූ සිව් දෙනෙකුගෙන් 15 හැවිරිදි පිරිමි දරුවෙකු පුත්තලම මූලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.



අදහස් (0)

මූන්දලමේ බස් රථ අනතුරකින් 20 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site