(ඔගස්ටින් ප්‍රනාන්දු)
සිලාවතුර කොක්කුපඩයාන් හන්දියේදී නීතිවිරෝධීව මුහුදු හක් බෙල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව සිලාවතුර පොලිසිය කියයි.
ඇල්ලීම තහනම් කර තිබූ හක්බෙල්ලන් 340 ක් සැකකරු සතුව තිබී සොයාගෙන ඇත.
නාවික හමුදා හා පොලිස් බුද්ධි විමර්ශන ඒකකය විසින් ලබා දුන් තොරතුරක් මත සැකකටයුතු කැබ් රථය නවතා පරීක්ෂා කළ අවස්ථාවේදී ඒ තුළ තිබී මෙම හක් බෙල්ලන් සොයාගත් බව පොලිසිය කියයි.
සැකකරු 72 වන විසේ පසුවන සිලාවතුර පදිංචිකරුවෙකි.
මිලි මීටර් 70 ට අඩු හක් බෙල්ලන් ඇල්ලීම සහ ළග තබා ගැනීම ප්‍රවාහනය ධීවර ආඥා පණත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව පොලිසිය කියයි.
සැකකරු, හක්බෙල්ලන් සහ කැබ් රථය සමඟ මන්නාරම අධිකරණය හමුවට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතය.
සිලාවතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනේ පහුගියටිකේ ආරක්ෂක කඳවුරු ඉවත් කරන්න යයි කියලා උද්ගෝෂණය කලේ. උද්ගෝෂණය පිට පස්සේ ඉන්න දේශපාපකයෝ ටික උසාවියට දාන්න. ලංකාවේ කොහේ හරි දුෂිත දේශපාලුවෝ නැති උද්ඝෝෂණ නැහැ.