(ඩී.ජී.සුගතපාල)
පොකිරිස්සන් ඇල්ලීම සඳහා ඊයේ රාත්‍රියේ මුහුදු ගිය ධීවරයෙකුගේ මළ සිරුරක් අද(08) කොග්ගල සංචාරක හෝටලයක් පිටුපස තිබියදී සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව කොග්ගල පාලම අසල පදිංචි බාලගේ පේමරත්න නමැති 57හැවිරිදි අවිවාහක ධීවරයෙකු බවට හඳුනාගෙන ඇත.
මියගිය ධීවරයා ඊයේ තවත් අයෙකු සමග පොකිරිස්සන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් ඇති අතර ඔහු ගොඩට පැමිණියද, අනෙක් පුද්ගලයා ඔහුගේ නිවසට ගොස් සොයා බැලීමේදී ඔහු නොසිටි බවත්, ඥාතියෙකු සමග පැමිණ පැමිණිල්ලක් සටහන් කර ඇති බවත් පොලිසිය පවසයි.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත යැවීමට නියමිතය.
හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුහුදු ගිය ධීවරයකුගේ සිරුරක් කොග්ගලින් සොයාගනී