IMG-LOGO

මුහුදු කූඩැල්ලන් වගාව සංවර්ධනයට රාජ්‍ය ආයතනයක්

(දසුන් රාජපක්ෂ)

මුහුදු කූඩැල්ලන් වගාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා 'ලංකාදීපයට' අද (13) පැවසීය.

මෙම ආයතනයට අවශ්‍ය තාක්ෂණික ඥාණය ලබාදෙන ලෙස ධීවර කටයුතු සිදුකරන ලොව ප්‍රධානතම රජයක් වන නෝර්වේ රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබෙන බව ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ට්‍රයිනා ජොරාන්ලි එස්කෙඩ්ල් මහත්මිය පොරෙන්දු වී ඇතැයිද දේවානන්ද මහතා සඳහන් කළේය.

විදේශීය වෙළදපොලට අවශ්‍ය මුහුදු කූඩැල්ලන් සැපයීම තුළින් විශාල ප්‍රාග්ධනයක් මෙරට ආර්ථිකයට එක්කරගත හැකි බවද ඒ මහතා කියා සිටියේය.

නව තාක්ෂණයෙන් යුත් ධීවර බෝට්ටු නිශ්පාදනය කිරීම පිණිස සී නෝර් ආයතන වැඩිදියුණු කිරීමට ප්‍රතිපාදන රැසක් වෙන් කර තිබෙන බවද  ඔහු වැඩිදුරටත් කීය.

 



අදහස් (0)

මුහුදු කූඩැල්ලන් වගාව සංවර්ධනයට රාජ්‍ය ආයතනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site