(රොමේෂ් මධුෂංඛ)
මුලතිව්, සෙල්වපුරම් ප්‍රදේශයේ පිහිටි කුමරිකුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් වැවේ පාවෙමින් තිබියදී අද (8) හමුවූ බවට මල්ලාවි පොලීසිය පවසයි.
මිය ගොස් ඇති පුද්ගලයා වැවේ මසුන් ඇල්ලීමට යාමෙන් පසුව ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් පිරික්සිමේදී එම පුද්ගලයාගේ මළ සිරුර වැවේ පාවෙමින් තිබී ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ සෙල්වපුරම්, වවුනිකුලම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තම්බිරාසා සුරේෂ්වරන් නැමැත්තා වන අතර ඔහු පෙදරේරුවකු ලෙස සේවය කරන බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත.
අදාළ මරණයට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර ජලය ගිලීමෙන් සිදුවූවක් බවට පොලීසිය සැක පළ කර සිටී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුලතිව් වැවක මාලු අල්ලන්න ගිය පුද්ගලයාගේ සිරුර පාවෙයි