IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන 632 ක් සඳහා සංවර්ධන වැඩසටහනක්

(මනෝජ් හර්ෂික)

“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ සිව්වැන්න අද (03) සිට (08) වැනි දින දක්වා මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක් ඉලක්ක කරගෙන පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ජාතික මට්ටමෙන් මෙහෙයවනු ලබන ජාතික වකුගඩු නිවාරණ වැඩසටහන, ග්‍රාම ශක්ති වැඩසටහන, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන, ජාතික ආගමික වැඩ සටහන, ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, තිරසර පාසල් සංවර්ධන වැඩ සටහන, සුරකිමු දරුවන් වැඩ සටහන, විශේෂ අවශ්‍යතා ඇති වැඩිහිටියන් සවිබල ගැන්වීමේ වැඩ සටහන් මේ යටතේ ක්‍රියාත්මක වේ.

එමෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන ඔස්සේ විසඳාගත යුතු මහජන ගැටලු හඳුනාගෙන රාජ්‍ය යාන්ත්‍රණය උපරිම කාර්යක්ෂමතාවයෙන් එම ගැටලු විසදීමට කටයුතු කිරීම මෙම වැඩසටහන තුළින් සිදුකෙරේ.

මුලතිව් දිස්ත්‍රික්කයට අයත් මුහුදුබඩ පත්තුව, පුදුකුඩිඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, තුනුක්කායි, මාන්තෙයි නැගෙනහිර හා වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක්  කේන්ද්‍ර කර ගනිමින් ග්‍රාම සේවා වසම් 136ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති 1144ක් මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.

මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හා රජයේ අනෙකුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ත්‍රිවිධ හමුදාව මෙන් ම පෞද්ගලික අංශය ද මහජන වැඩසටහන් සඳහා එක් වී ඇති බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේදිස්වරන් මහත්මිය සඳහන් කළාය.

ජාතික වැඩසටහන්වලට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජනතාවට විසඳාගත යුතු මහජන අවශ්‍යතා සැලකිල්ලට ගෙන හැඳුනුම්පත් නිකුත්කිරීම, ඉඩම් බලපත්‍ර ලබාගැනීම, තැපැල් හැඳුනුම්පත් නිකුත් කිරීම, සමාජසේවා සහන කටයුතු, පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීම් යනාදී මහජන අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදෙන රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් මහජන ගැටළු විසඳීමේ ජංගම සේවාවක් ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන 632ක් ඉලක්ක කරගෙන ග්‍රාම ශක්ති වැඩ සටහන් 62ක් ද ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන් 10ක් ද, පරිසර සුරක්ෂිතතා වැඩ සටහන් 111ක් ද, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් 151ක් ද, වකුගඩු නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහන් 116ක් ද, පාසල් දරුවන් වෙනුවෙන් තිරසර අධ්‍යාපනික වැඩසටහන් 55ක් ද, විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටි පුද්ගලයන්ගේ සුභ සාධනය වෙනුවෙන් වැඩසටහන් 95ක් ද, සුරකිමු දරුවන් වැඩ සටහන් යටතේ දැනුවත් කිරීමේ වැඩ සටහන් 57ක් ද මේ යටතේ ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.



අදහස් (0)

මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන 632 ක් සඳහා සංවර්ධන වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site