(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටියදී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ රැඳවියෙකු බැලීමට ගිය මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවුල් පහක පිරිසක් අද (10) රාත්‍රී කන්දකාඩු කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයට යොමු කළ බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.
එම පිරිස ඇසුරු කළ සමීපතම පවුල් හතරක සාමාජිකයන් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය.
රැඳවියා බැලීමට ගිය පිරිස දුම්රියෙන් හා බස් රථයකින් ගමන් කර ඇති බවත් ඔවුන් මෙම ගමනේදී සෝමාවතී පුදබිම වන්දනාමාන කර ඇති බවත් අනාවරණය වී ඇත.
නැවත පැමිණි මෙම පිරිස් මීරිගම නගරය ඇතුලු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගමන් කර ඇති බවත් අසල්වැසි නිවෙස්වලට අමතරව ඔවුන් ඇසුරු කළ තවත් පිරිස් හඳුනා ගැනීමටද පියවර ගෙන ඇති බවත් මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මීරිගම පවුල් පහක පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට