
(ඔගස්ටින් ප්‍රනාන්දු)
මියගිය යෝධ තල්මසෙකුගේ සිරුරේ කොටසක් කටුනේරිය මුහුදු වෙරළට අද (13) ගොඩ ගසා තිබිය දී හමුවූ බව හලාවත ධීවර අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම තල්මසා මීට සතියකට පමණ ඉහත දී මිය යන්නට ඇති බවත් ගොඩ ගසා ඇති තල්මසාගේ සිරුර කොටස දැඩි ලෙස නරක්වී ඇති බවත් හලාවත ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පැවසීය.
මීගමුව වෙරළ ආසන්නයේ දී තල්මසෙකුගේ සිරුරක් මුහුදේ පාවමින් තිබූ බව මීගමුව ප්‍රදේශයේ ධීවරයින් පැවසූ බවත් එම සිරුර කටුනේරියට මෙලෙස ගොඩ ගසා ඇති බවට විශ්වාස කළ හැකි බවත් අනුර ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd