(කාංචන කුමාර ආරියදාස)
මාතලේ සහකාර මැතිවරණ තේරීම්බාර නිලධාරිවරයකු ඇතුළු කණ්ඩායමකට රාජකාරියට බාධා කිරීම දේපළ පැහැර ගැනීම සොරකම් කිරීම ආදී චෝදනා යටතේ මාතලේ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ආධාරකරුවන් දෙදෙනකු අද (13) අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය 10 වන දින සිදුවූ සිද්ධියට 13 වැනිදා වනවිටත් නිසි ලෙස රාජකාරිය ඉටු වී නැතැයි මාතලේ සහකාර මැතිවරණ තේරීම්භාර නිළධාරිනී කුමරිනී ප්‍රතාපසිංහ මහත්මිය පැවසුවාය.
මාතලේ තොටගමුව ප්‍රදේශයේ දී මැතිවරණ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමකට සිදු වූ බලපෑම පිළිබඳව විමසීමේ දී ඇය මෙසේ කීවාය.
මාතලේ තොටගමුව ප්‍රදේශයේ දී රාජකාරිය නිම කර නැවත එමින් සිටි මැතිවරණ නිලධාරින් පිරිසක් මැතිවරණ පනතේ 67 /1 ආ වගන්තිය උල්ලංඝනය වන පරිදි අපේක්ෂකයෙකු පක්ෂයක් ප්‍රවර්ධනය වන ආකාරයෙන් ඇඳුම් ඇඳගෙන කණ්ඩායමක් ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි ඇත .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.