(ප්‍රේමතිලක පෙරමුණ)
ප්‍රාදේශීය මාධ්‍යවේදී අලුත්ගම තුසිත කුමාර සිල්වා මහතාට සහ ඔහුගේ බිරිඳට පහර දුන් පිරිස අත්අඩංගුවට නොගත්තැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු අද(08) අලුත්ගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.
මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ද සහභාගි වූ අතර හෙතෙම මෙසේ පැවසී ය.
"කළුතර දිස්ත්‍රික්කයට තර්ජනයක්ව පවතින කෘතිම රා නිෂ්පාදනාගාර සම්බන්ධයෙන් හෙළිදරව් කළ කළ මාධ්‍යවේදියාට පහරදීම අපි දැඩි ලෙස ඉතා පිළිකුල්ව හෙළා දකිනවා. කෘතිම රා නිෂ්පාදනකරුවන් පොලිසියෙන් අත්අඩංගුවට නොගන්නා අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට අරගත්තා. පසුගිය ආණ්ඩු කාලයේ දී මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම දිගින් දිගට ම පැවතුණා. මෙම ආණ්ඩුවේදීත් එය එලෙසම පැවතීම ඉතා කනගාටුදායක සිද්ධියක්. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් පවත්වා අදාළ වැරදිකරුවන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසයි”
ඉකුත් 06 වැනි දින පහරකෑමට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම විරෝධතාවය සඳහා තුසිත කුමාර සිල්වා මහතාගේ මව සහ සොහොයුරා ද එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මාධ්‍යවේදියාට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි විරෝධතාවක්